HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

නෙළුම් කුලුන සැප්තැම්බර් 15 වනදා විවෘත වේ




නෙළුම් කුලුන සැප්තැම්බර් 15 වනදා විවෘත වේ.

දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන නෙළුම් කුලුනේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරිමට අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක් වියදම් වු අතර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇත.

විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා සදහන් කලේය.

මෙහි ප්‍රවේශපත්‍ර අගයන් ලෙස රු 500ක් සදහා කුලුනේ ඉහළට යාම එක් අවස්ථාවක් සීමා කර ඇත. රු 2,000ක් සදහා පෝළිම්වල රැඳීනොසිට ඔවුන්ට කුලුනේ ඉහළට යා හැක. විදේශිකයෙකු විසින් අමෙරිකානු ඩොලර් 20ක ප්‍රවේශපත්‍රයක් ලබාගත යුතුවෙයි.

ඩිජිටල් සිනමා ශාලාවක්, ප්‍රසිද්ධ අවන්හල්, ප්‍රසිද්ධ වාණිජ්‍ය බැංකු, බිම් මහලේ ස්ථාපිත කර තිබේ. 1 මහල කාර්යාල පහසුකම් සඳහා ද 3 මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත අතර එහි 400කට පමණ එකවර අසුන්ගත හැකි පහසුකම් සලසා ඇත.

නෙළුම් පොහොට්ටුවක හැඩයේ පළමු මහලේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතින අතර, ඉන් ඉහළ මහල කැරකෙන අවහලකින් සමන්විතය.

ඉහළම නැරඹුම් මැදිරයේ දී “කොළඹ අහස යට” නවමු අත්දැකීමක් විඳගැනීමට හැකියාව ඇත. ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් නෙළුම් කුලුන සතු අතර, එය ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය වී තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More