HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ආසියාවේ කලු අශ්වයාට ලෝකඩ පදක්කම




ආසියාවේ කලු අශ්වයාට ලෝකඩ පදක්කම

22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනාදීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුණි.

බර්මිංහැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩා සංකීර්ණයේ පැවති
මෙම තරගයට පොදුරාජ්‍ය මණ්ඩලයීය කලාපයේ වේගවත්ම ක්‍රීඩකයින් 8දෙනා ධාවන පථයට පිවිස රැස්ව සිටි 35,000කට අධික ප්‍රේකෂකයින්ගේ ඔල්වරසන් මැද පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගය සඳහා සහභාගිවීය.

යුපුන් ධාවන පථයට පිය නැඟුවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයකට සහභාගී වන පළමු ආසියාතිකයා ලෙසය.

මෙහිදි තත්ත්පර 10.02කින් ඉසව්ව නිමකළ කෙන්යාවේ ෆර්ඩිනැන්ඩ් රන් පදක්කමත් තත්ත්පර 10.13කින් ඉසව්ව නිමකළ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ රිදී පදක්කමත් දිනාගත්තේය.

යුපුන්ට රිදී පදක්කම ගිලිහී ගියේ මිලි තත්ත්පර 1කිනි.
ඒ අනුව තත්ත්පර 10.14ක් ලෙස යුපුන්ගේ තරග නිමිකාලය සටහන් වූ අතර යුපුන්ට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවුණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගත්තේ වසර 24කට පසුවය.
අවසන් වරට මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් හිමිකර දීමට 1998 වසරේදී සුගත් තිලකරත්න සමත්ව තිබේ.

එමෙන්ම යුපුන් වාර්තා අතරට එක්වන්නේ වසර 92ක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පදක්කමක් හිමිකරගත් සිව්වන ශ්‍රී ලංකික මලල ක්‍රීඩකයා ලෙසය

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More